දේශීය

දෙවන පාසල් වාරය අද ඇරඹෙයි

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ දෙවන පාසල් වාරයේ දෙවන අදියර අද (28) ආරම්භ වනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ , දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ලබන ඔක්තෝබර් මස 27 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි.

ජූලි 24 වැනිදා ආරම්භ වූ දෙවැනි පාසල් වාරයේ පළමු අදියර පසුගිය අගෝස්තු මස 16 වැනිදා අවසන් වුණා.

කෙසේවෙතත්, මහනුවර නගර සීමාවේ රජයේ පාසල් අද සිට දින 03ක් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයත් සමග, නගරය තුළ පවතින දැඩි රථවාහන තදබදය සැලකිල්ලට ගනිමින් අද, හෙට (29) සහ ලබන 31 වැනිදා පාසල් වසා තැබීමට තීරණය කර ඇති බව සඳහන් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button