දේශීය

ශ්‍රිලනිපයේ සහයත් රනිල්ට දෙයි

අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් රට මුහුණදී සිටින ආර්ථික අර්බුදය විසඳීමට ආණ්ඩුව ගන්නා සියලුම නිවැරදි තීරණවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලැබෙන බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (16) පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවේ තනතුරු ලබා ගන්නේද යන්න සම්බන්ධයෙන් ඒ සාකච්ඡාවේදී තීරණය කරනු ඇති බවයි වාර්තා වෙන්නේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button