දේශීය

ජෝසප් ස්ටාර්ලින්ගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

නිරෝධායන නීතිය උපයෝගී කරගනිමින් නීති විරෝධී ලෙස තමන් අත් අඩංගුවට ගෙන නිරෝධායන මධ්‍යස්තානයක් වෙත රැගෙන ගොස් බලහත්කාරී ලෙස රඳවා ගැනීම ගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබුවා.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව සාමකාමි ලෙස උද්ඝෝෂණයක නිරත වී සිටියදී නිරෝධායන නීතිය උල්ලංඝනය කළේ යැයි චෝදනා කරමින් පොලිසිය විසින් තමන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් තමන්ව ඇප මත මුදා හළ බව ජෝශප් ස්ටාලින් මහතා ඇතුළු පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ කියා සිටියා.

ඉන් අනතුරුව පොලිසිය විසින් බලහත්කාරී ලෙස තමන්ව නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගොස් රඳවා තැබූ බවත් මේ තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිස මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුමේදී ඉකුත් අට වැනි දා උද්ඝෝෂණයක නිතර වූ ස්ටාලින් මහතා ඇතුළු පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

අධිකරණයෙන් ඇපමත මුදාහැරීම පසුව පොලිසිය ඔවුන් මුලතිව් පිහිටි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානට යොමු කිරීමට කටයුතු කළා.

පසුව මුලතිව් හි පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු 16 දෙනා ජුලි මස 16 දින නිදහස් කිරීමට කටයුතු කළා.

පසුව ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිස එදින යුද හමුදාවට අයත් බස් රථවලින් කොළඹට රැගෙන අවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button