විදෙස්

බංග්ලාදේශ අර්බුදයෙන් T20 කාන්තා ලෝක කුසලානයටත් බාධා

බංග්ලාදේශය පුරා ක්‍රියාත්මක වූ විරෝධතා මාලාව හමුවේ ඔක්තෝබර් මස 03 වැනිදා සිට 20 වැනිදා දක්වා බංග්ලාදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා 20/20 ක්‍රිකට් තරගාවලිය එරට පැවැත්වීමේ අවදානමක් මතුව ඇති බවට ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළා.

ඒ අනුව එක්සත් අරාබී එමීර් රාජ්‍යය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල් ත්‍රිත්වයෙන් එක් රටක තරඟාවලි​ය පැවැත්වීමේ අවධානය යොමුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පලා ගිය හිටපු අගමැතිනි ෂෙයික් හසීනා මේ වනවිට ඉන්දියාවේ ආරක්ෂිත ස්ථානයක සිටින බවයි.

ඒ, බ්‍රිතාන්‍යය ඇයට දේශපාලන රැකවරණය මේ දක්වා ප්‍රදානය නොකිරිම හේතුවෙන්.

ඇය ඉන්දියාවේ දිල්ලි නුවර හමුදා කඳවුරක් වෙත ඊයේ පැමිණි අතර පසුව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ද හමු වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button