දේශීය
රූපවාහිනී සංස්ථාවේ විදුලිය කපයි
නොවැම්බර් මස විදුලි බිල නොගෙවීම හේතුවෙන් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ විදුලිය විසන්ධි කළ බව විදුලිබල මණ්ඩලය සඳහන් කළා.
රුපියල් ලක්ෂ 55කට අධික බිලක් නොගෙවීම නිසා මේ ආකාරයෙන් විදුලිය විසන්ධි කර ඇත.
මේ වන විට ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ විකාශන කටයුතු විදුලි උප්පාදන යන්ත්‍ර මගින් ක්‍රියාත්මක කරන අතර ඒ සඳහා දිනකට ඩීසල් ලීටර් 3220කට ආසන්න ප්‍රමාණයක් අවශ් යවන බව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා ආරංචි මාර්ග පවසනවා .