දේශීය

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ඇතුළු තිදෙනා අද යළිත් අධිකරණයට

දැවි තෙල් පිරිපහදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා දීමට රුපියල් මිලියන 10ක අල්ලසක් ලබා ගත් බව පවසන සිද්ධියට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් පතිරගේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන චමින්ද අනුරුද්ධ පොල්ගම්පළ හා ටෙනිසන් ෆොන්සේකා අද (13) නැවත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ව්‍යාපාරිකයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් අද දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

නැව් දැවි තෙල් ඉවත් කිරීමට අදාළ වාර්ෂික පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගැනීම සඳහා එම අධිකාරිය වෙත ගිය අවස්ථාවේදී සැකකාර සභාපතිවරයා එම බලපත්‍රය දීම සඳහා අදාළ ව්‍යාපාරිකයාගෙන් මිලියන 7ක් ඉල්ලා ඇති බවත් එය ගෙවීමට ප්‍රමාදවීම හේතුවෙන් ඔහු තවත් මිලියන තුනක් ව්‍යාපාරිකයාගෙන් ඉල්ලා ඇති බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දන්වා තිබෙනවා.

මෙම සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සෙසු සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවද අධිකරණයේදී අනාවරණයවී ඇති බව සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button