දේශීය

පාතාලය ආයෙත් හිස ඔසවන්නෙ අරගලය නිසා..! – සහන් ප්‍රදීප්

දෛනිකව මිනිස් ඝාතන ඇතුළු අපරාධ ඉහළ යමින් තිබෙන්නේ අරගලයේ ප්‍රතිඵලයක් නිසා බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන පවසනවා.

ඒ, එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ (09) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

අරගලයේ ප්‍රතිඵලයක් ලෙස පොලීසිය හා යුද හමුදාව හෑල්ලුවට ලක්ව ඇති අතර රටේ නීතිය හා සාමය විනාශ වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආරක්ෂක අංශවලට පවා අරගල තත්වය පාලනය කරගත නොහැකි වූ බවත් මෙම තත්වය පාතාල කණ්ඩායම්වලට හා වෙනත් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට ආශිර්වාදයක් වූ බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.

මේ වනවිට රටපුරා යළිත් අපරාධ රැල්ලක් හිස ඔසවමින් ඇති අතර දිනපතා මහමගදී සිදුවන ඝාතනයන් වාර්තා වනවා. මීට අමතරව වෙනත් අපරාධද ඉහළ යමින් ඇති අතර පාතාල ක්‍රියාකාරකම්ද දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන බවයි මාධ්‍ය වාර්තා කරන්නේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button