දේශීය

උපයෝගිතා කොමිසම ලංවිම කැඳවයි

විදුලි ගාස්තුව 14% කින් පමණක් අඩු කිරීමට විදුලිබල මණ්ඩලය යොමුකර ඇති යෝජනාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මහජන උපයෝගිතා කොමිසමේදී අද (01) පැවැත්වෙන බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසුවා.

එම නිලධාරියා සඳහන් කළේ, විදු​ලි ගාස්තුව 18% කින් අඩු කරන ලෙ​ස විෂයභාර අමාත්‍යවරයා පවසා තිබියදී විදුලිබල මණ්ඩල ගාස්තු 14% කින් පමණක් අඩු කිරීමට කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් ඒ හේතුවෙන් මෙම විශේෂ සාකච්ඡාව පවත්වන බවයි.

මෙම සාකච්ඡාවට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ද කැඳවා ඇති බව​ත් විදුලිබල මණ්ඩලය යොමුකර ඇති නව යෝජනාවේ වියදම් පිළිබඳව එහිදී කරුණු විමසීමට නියමිත බවත් එම නිළධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button