ව්‍යාපාරික

රුපියලේ වටිනාකම 18.7% කින් වැඩිවෙලා

2023 වසරේ මැයි 19 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 18.7 කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එසේම මෙම වකවානුව තුළ දී අනෙකුත් ප්‍රධාන විදේශ ව්‍යවහාර මුදල් ඒකක කිහිපයකටම සාපේක්ෂව ද ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී තිබෙනවා.

එහිදී ජපාන යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව 24.1% කින්, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව 15.4%කින්, යුරෝ මුදල් ඒකකයට සාපේක්ෂව 17.5%කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව 18.7%කින් 2023 වසරේ මැයි 19 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණය වී තිබෙනවා.

2022 වසරේ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 44.8කින් අවප්‍රමාණය වී තිබුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button