දේශීය

පාස​ල් සිසුවියක් අපයෝජනය කළ ස්වේච්ඡා ගුරුවරයාට සිරදඬුවම්

පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කළ ස්වේච්ඡා ගුරුවරයෙකුට නුවරඑළිය මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විසි​න් වසර 12ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ලබාදී තිබෙනවා.

නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ඔස්බොන් වතුයායේ පදිංචි රාජරත්නම් ජෙගදිස්වරන් නමැති පුද්ගලයාට මෙලෙ​ස බරපතළ වැඩසහිතව සිරදඬුවම් නියම කෙරුණා.

චුදිතයා 2010.01.01 – 2010.01.31 අතර දිනයක 16 හැවිරිදි පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කිරිමේ චෝදනාව යටතේ නෝටන්බ්‍රිජ් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සැකකරුට එරෙහිව නුවරඑළිය මහාධිකරණය හමුවේ නෛතික පියවර ගෙන තිබුණා.

මහාධිකරණ විනිසුරුවරයා චුදිතයාට රුපියල් 5,000සක දඩ මුදලක් ගෙවන ලෙසට නියෝග කළ අතර, එම දඩ මුදල නොගෙවන්නේ නම් සිරදඬුවම් කාලය තවත් මාස තුනක් දක්වා දීර්ඝ කිරීමටද නියෝග නිකුත් කර තිබෙනවා.

එමෙන්ම වින්දිත තැනැත්තියට රුපියල් ලක්ෂ 05ක වන්දියක් ගෙවන ලෙසටත්, එම වන්දි මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් තවත් වසර 02ක කාලයක් සිරදඬුවම් ලබාදීමටත් මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button