දේශීය
කොළඹ ජාතික රෝහලේ විදුලි උපකරණ ගැලවූ වැඩ පරීක්ෂකට වැඩ වරදී
![](https://www.sinhala.dailytimes.lk/wp-content/uploads/2023/09/hospital-1.jpg)
කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශය සහ සායන ඇතුළු ඒකක රැසක් ස්ථාපිත චීන රජයෙන් ඉදිරිකළ නව මහල් ගොඩනැගිල්ලේ විදුලි උපකරණ ඇතුළු උපාංග සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ, ඔහු රෝහලේ පෞද්ගලික පිරිසිඳු කිරීමේ ආයතනයක වැඩ පරීක්‍ෂකවරයෙක් බවයි.
ඔහු විසින් ගොඩනැගිල්ලේ විදුලි බුබුලු ඇතුළු තවත් උපකරණ ගලවන අයුරු සී.සී ටී.වී. කැමරාවලද පටිගත වී තිබෙනවා.