විදෙස්
ලිබරල් පක්ෂ ඉතිහාසයේ සිදු වූ දරුණුතම අත්වැරදීම

ඕස්ට්‍රේලියාවේ පළාත් පාලන ඡන්ද විමසීමකට ලිබරල් පක්ෂයේ අපේක්ෂකයන් 136 දෙනෙකුට ඉදිරිපත් වීමට නොහැකි වී තිබෙනවා.
ඒ නාම යෝජනා දිනය මග හැරීම හේතුවෙන්.
එය එරට ලිබරල් පක්ෂ ඉතිහාසයේ සිදු වූ දරුණුතම අත්වැරදීම ලෙසයි සැලකෙන්නේ.
ලිබරල් පක්ෂයේ අධ්‍යක්ෂවරයා මෙම සිද්ධියට සමාව ඉල්ලා ඇති අතර ඔහුට එම තනතුරෙන් ඉවත්වන ලෙසටද බලපෑම් එල්ල වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
විදෙස් වාර්තා සදහන් කළේ.මෙම අපේක්ෂකයන් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් ඡන්දයට ඉදිරිපත් වීමට නියමිතව තිබූ අතර මෙම තත්ත්වය මත ඔවුන්ට ආසන 50ක් පමණ අහිමිව යනු ඇති බවයි.