මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන ලෙස ඉල්ලීම් නෑ- සීතා අරඹේපොළ මහත්මිය
මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන ලෙස තමාට කිසිදු පාර්ශවයක් ඉල්ලීම් සිදුකර නොමැති බවත් එසේ ඉවත්වීමට තමන්ට පෞද්ගලිකව අවශ්‍යතාවක් නොමැති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පවසනවා.
සීතා අරඹේපොළ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන බවට පැතිර යන වාර්තා පිළිබඳව අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියා.
මන්ත්‍රීවරිය එම ධුරයෙන් ඉල්ලා අස්වී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව සලසා දෙන බවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු වාර්තා ඇති අතර මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමක දී ඇය සඳහන් කළේ, තමාගේ පෞද්ගලික අවශ්‍යතාවක් මත මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුන ද හිස් වු මන්ත්‍රී ධුරය සඳහා පත්කරනු ලබන පුද්ගලයා සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය බවයි.
ඒ සඳහා තමාට බලපෑම් කිරීමට ද කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද සීතා අරඹේපොළ මහත්මිය පවසනවා.