දේශීය

ගම්බිම් බලා යන්න ලංගම බස් රථවල අඩුවක්

මගී ප්‍රවාහනය සදහා එක්කෙරෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල අද දිනයේ අඩුවක් සිදුවිය හැකි බව එම මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා ප්‍රකාශ කළා.

මැතිවරණ රාජකාරි වෙනුවෙන් බස් රථ 1,600 කට අධික සංඛ්‍යාවක් යෙදවීම ඊට හේතුව බව ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, ගම්බිම් බලා යෑමට යොදවා ඇති බස් රථ ප්‍රමාණවත් නොවන බව මගින් චෝදනා කළා.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන අධ්‍යක්ෂිකා ෂෙරීන් අතුකෝරළ කියා සිටියේ, අද දිනයේ මගී ඉල්ලුමට අනුව කාලසටහනින් බැහැරව අමතර බස් රථ ධාවනය සඳහා යොදවා ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button