දේශීය

ඩීසල් හිඟයක් තියෙනවා, ඊළඟ නැව එන්නෙ මැයි 13 – ඇමති කියයි

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට ඩීසල් හිඟයක් පවතින බව අද (05) පාර්ලිමේන්තුව අමතමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කර ඇත.

සාමන්‍යයෙන් දිනකට ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් රටට අවශ්‍ය වන නමුත් දැනට දිනකට නිකුත් කරන්නේ මෙට්‍රික් ටොන් 1000-1500ක් පමණ ප්‍රමාණ්‍යක් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

විදුලිය නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඩීසල් සඳහා ප්‍රමුඛතාවය ලබාදීම හේතුවෙන් දිනකට නිකුත් කරන ප්‍රමාණය අඩු වී ඇති බවට අමාත්‍යවරයා පවසා තිබෙනවා.

තවද, මීලඟ ඩීසල් නැව මැයි 11 වනදා මෙරටට පැමිණීම අපේක්ෂා කරන නමුත් එය දින 2 කින් ප්‍රමාද වන බව අමාත්‍ය සඳහන් කර ඇත.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button