දේශීය
දේශබන්දු තෙන්නකෝන්ට පහරදුන් තිදෙනෙකු අත්අඩංගුවට
![](https://www.sinhala.dailytimes.lk/wp-content/uploads/2022/05/Deshabandu-1.jpg)
ඉකුත් මැයි මස 10 වැනි දා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සහ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් තිදෙනා ඊයේ (29) පස්වරුවේ දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත්තේ, අයුතු අවහිරය, අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම, ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම, සාපරාධී බලහත්කාරය පෑම හා රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේයි
මෙලෙස අත්අඩංගුව ගත් පිරිස වයස අවුරුදු 31, 51 හා 52 වයස්වල පසුවන පිටබැද්දර හා කොළඹ 15 යන ප්‍රදේශවල පදිංචිකරුවන්.