ක්‍රීඩා
ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට නායකයින් තිදෙනෙකු නම් කරයි
දකුණු අප්‍රිකාවේදී පැවැත්වීමට නියමිත ටෙස්ට්, එක්දින සහ පන්දුවාර විස්සයි20 තරඟාවලිය සඳහා නායකයන් තිදෙනකු නම් කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පන්දුවාර විස්සයි විස්ස තරඟයේ නායකත්වය සූර්ය කුමාර් යාදව්, එක් දින තරඟ නායකත්වය ලෝකේශ් රාහුල් සහ ටෙස්ට් නායකත්වය රෝහිත් ශර්මාට පවරා ඇති බවයි වාර්තාවන්නේ.
එළඹෙන දෙසැම්බර් 10 වැනිදා සිට ජනවාරි මස 07 වැනිදා තෙක් පැවැත්වීමට නියමිත මෙම තරඟ සංචාරයේදී සීමිත පන්දුවාර තරඟවලින් යම් විවේකයක් ලබා ඇති අතර ඒ අනුව ඔවුන් දෙදෙනා දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරඟාවලියට පමණක් ක්‍රීඩා කරනු ඇති බවද වාර්තාවනවා.