දේශීය

කන්ටේනර් රථ අනතුරකින් තිදෙනෙකු රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19 ) මාර්ගය හරහා පෙරළී යාමෙන් අනතුරට ලක්ව තිබෙනවා.

එහි රියදුරු හා රිය සහායකයින් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව ඇටම්පිටිය පොලීසිය පවසනවා.

මෙම අනතුර සිදු වි ඇත්තේ බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය අසලදීයි.

පොලිසිය පවසන්නේ, එහි රියදුරු අසුනේම යකඩ වලට සිරවී සිටියදී පොලිසිය ප්‍රදේශවාසීන් සමඟ එක්ව මහත් පරිස්සමයක් දරා පැයක පමණ මෙහෙයුමකින් බේරාගෙන රෝහල් ගත කළ බවයි.

මෙම අනතුර හේතුවෙන් මාර්ගයේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන් වැසී ඇති අතර ගමනාගමනය සඳහා එක් මං තීරුවක් විවෘත කළ බවද පොලිසිය පවසනවා.

කන්ටේනර් රථයේ තිරිංග ක්‍රියා විරහිතවීම මෙම අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක පළ කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button