දේශීය

දොස්තර නිලමුද්‍රා සොරකම් කර අධි මාත්‍රා ඖෂ​ධ ගත් තිදෙනෙක්ට වැඩ වරදී

නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ විකලංග කායික විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ සහ එම වෛද්‍යවරුන් සේවය කරන වාට්ටුවේ නිල මුද්‍රාව යොදා නුවරඑලිය නගරයේ ඔසුසැල් වලින් අධි මාත්‍රා ඖෂධ ලබාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලීසිය පවසනවා.

පොලීසිය පවසන්නේ, එම රෝහලේ හෙද සහයකයකුද අත්අඩංගුවට ගත් බවයි.

එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනාගේ නිල මුද්‍රාව සහ වාට්ටුවේ නිල මුද්‍රාව නොමැති බවට එම වෛද්‍යවරුන් දෙදෙනා විසින් නුවරඑලිය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ලද පැමිණිල්ල මත විමර්ශනයක් ආරම්භ කර සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීම​ට හැකි වු බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button