’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට යාන්ත්‍රණයක් නොමැති බව සමස්ථ ලංකා ත්‍රි රෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසනවා.
සුපර් පෙට්‍රල් මිල අඩු නොකර අනෙකුත් ඉන්ධන මිල රුපියල් 20 කට වඩා අඩු කළ ද ත්‍රිරෝද රථ සංගම් මගින් ප්‍රවාහන ගාස්තු අඩු කිරීම සිතන පරිදි සිදු නොවන බවයි ඔහු පවසන්නේ.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ බස්නාහිර පළාත් සභාවේ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය මගින් පසුගිය කාලයේ ආරම්භ කළ කුලී ත්‍රි රෝද රථ මගී ප්‍රවාහන වැඩපිළිවෙළ ඉබිගමනේ යන බවත් එය නැවත සක්‍රීය කර ක්‍රියාත්මක කිරීමට මැදිහත් වුවහොත් ගාස්තු පමණක් නොව ගුණාත්මක ත්‍රිරෝද රථ සේවාවක් ස්ථාපිත කිරීමට පවා සූදානම් බවයි.
ඉන්ධන මිල මීට වඩා ලොකු ගණනකින් සංශෝධනය වේයැයි සිතුවද එසේ සිදුනොවුණ බැවින් ත්‍රිරෝද රථ ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බව ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ කොස්තා මහතා පවසනවා.
ත්‍රිරෝද රථ ගාස්තු අඩු කරන බවට ප්‍රකාශයට පත්කිරීමට ඔවුනට හැකියාවක් නොමැති බවත් එහි නීත්‍යානුකූල අයිතිය ඇත්තේ බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.