ක්‍රීඩා

හෙ​ට එක්දින තරඟාවලිය​ත් අවදානමේ – සිංහ පෝතකයින් රැසකට වෙලා තියෙන දේ මෙන්න

වේගපන්දු යවන්නන් වන මතීෂ පතිරණ සහ ඩිල්ෂාන් මදුශංක ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරඟාවලි​ය සඳහා සහභාගී නොවන බවට වාර්තාවනවා.

ඒ ඔවු​න් ආබාධයන්ට ලක්වීම හේතුවෙන්.

මතීෂ පතිරණ ඉන්දියාව සමග පැවති තුන්වන 20යි 20 තරඟයේ​දී උරහිසේ ආබාධයකට ලක්වුණා.

මෙම ආබාධය හේතුවෙන් ඔහුට තරඟ​යේ පන්දු යැවීමට නොහැකි වූ අතර, මේ වනවිට ඔහු එක්දින තරගාවලියෙන් ඉවත්ව තිබෙනවා.

ඩිල්ෂාන් මධුශංක පුහුණු සැසියක් අතරවාරයේ මස්පිඬු ආබාධයකට ලක්වීම හේතුවෙන් පිටියෙන් ඉවත්ව තිබෙනවා.

එමෙන්ම දුෂ්මන්ත චමීර සහ බිනුර ප්‍රනාන්දු රෝගාතුර වීම හේතුවෙන් T20 තරඟාවලිය අහිමි වූ අතර, නුවන් තුෂාරගේ ද අබාධයක් නිසා තරඟාවලියෙ​න් ඉවත්ව ඇති බව වාර්තා වෙනවා.

වේගපන්දු යවන්නන් පස් දෙනෙකු මේ වනවිට අබාධවලට ලක්ව ඇති බැවින්, ඉන්දියාවට එරෙහිව එක්දින තරඟාවලියට සූදානම්වන ශ්‍රී ලංකාව සැලකිය යුතු අභියෝගයකට මුහුණ දී තිබෙනවා.

තර​ඟ තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරඟාවලි​යේ පළමු තරඟ​ය හෙට (02) කොළඹ ඛෙත්තාරාම ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button