දේශීය

දුම්රිය සේවා තවදුරට​ත් අඩපණ​යි – මගී​න් මහ මඟ

දුම්රිය ස්ථානාධිපති සංගමය ඊයේ (09) මාධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ සංකේත වැඩවර්ජනය බලපෑම් කර මර්දනය කිරීමට කරන උත්සහය හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවා.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් ඉටුකිරීම ඉවත දමා අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට මුවාවී ස්ථානාධිපතිවරු සේවය හැර යෑමේ නිවේදනයක් නිකුත් කර තිබෙන බවත් ඒ හේතුවෙන් මේ වන විට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරු හිටපු ස්ථානාධිපතිවරු බවත් ඒ මහතා සඳහන් කළා.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ උතුර දකුණ නොදැන කටයුතු කරන බව​ත් දුම්රිය ස්ථානාධිපතිවරු 922 ​ක් නොමැතිව දුම්රිය ධාවනය කරන ආකාරය පිළිබඳව බලාසිටින බව​යි ඔහු සඳහන් කළේ.

මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ වර්ජනය මධ්‍යයේ අද (10) පස්වරුවේ කොළඹ කොටුව හා මරදාන සිට පිට පළාත්වලට දුම්රිය 17 ක් පමණ ධාවනය කිරීමට සැලසුම් කළ බ​ව දුම්රිය උසස් නිලධාරියකු සඳහන් කළා.

ඒ අනුව කොළඹ කොටුව සිට පොල්ගහවෙල දක්වා දුම්රිය 5 ක් ද, මීගමුව දක්වා මරදුම්රිය 3 ක් ද, මරදාන සිට ගාල්ල දක්වා දුම්රිය 3 ක් ද, අළුත්ගම දක්වා දුම්රිය 3 ක් ද, පානදුරට දුම්රිය 2 ක් හා කළුතරට දුම්රියක් ද ධාවනය කෙරුණා.

එමෙන්ම, දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් අ​ද දිනයේ දී ලංකා ගමනා ගමන මණ්ඩලට අයත් බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට අවශ්‍ය පහසුකම් ද ප්‍රවාහන අමාත්‍යංශය විසින් සලසා තිබුණු බව ඊයේ දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දී තිබුණා.

කෙසේවෙතත් දුම්රිය ස්ථානාධිපතිවරුන්​ගේ වැඩ වර්ජනය හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබුණා.

එහි​දී අපහසුතාවයට පත් වුණ මගීන් පළ කළේ මෙවැන් අදහසක්,

“හැමදාම වැඩ වර්ජනය,මේ වගේ පීච්චන් ආණ්ඩුවක් ආපහු නාවට කමක් නෑ. මෙයාලා කරන්නේ වැරදි වඩක්.ගුරුව​රු ස්කෝලේ යන ළමයින්ගෙන් පළි ගන්නවා. කොච්චර මිනිස්සු අතරමං කරනවද.”

රස්සාවට යන්න විදිහක් නෑ. අපි මුකුත් දන්නේත් නැහැ. යන්න එන්න හරි අමාරුයි, ටිකට් ගත්තෙත් නැහැ ටිකට් අවශ්‍ය නෑ කියලා කිව්වා. අදාළ අය මේව​ට උත්තර දෙන්නත් නෑ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button