විදෙස්
ජපානයේ දූපත් කිහිපයකට සුනාමි අවදානම් නිවේදන නිකුත් කෙරේ

ජපානයේ ටොරිෂිමා දූපත අසළ ඇතිවූ භූමිකම්පාවකින් පසු සුනාමි අවදානම් නිවේදන වෙරළබඩ ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ, එය අමාමි දූපත් සහ ටෝකියාව අසළ චිබා ප්‍රාන්තයේ නැගෙනහිර ප්‍රදේශ දක්වා ක්‍රියාත්මක බවයි.
එරට වේලාවෙන් අද (09) අලුයම කාලයේදි ටොරිෂිමා දූපත ආසන්නයේ රික්ටර් මාපකයේ 4.9 ක් ලෙස භූමි කම්පාව වාර්තාවී තිබෙනවා.
මේ වනවිටත් සමහර දූපත්වලට අඩි දෙකක් පමණ රළ ඉහළට ගොස් ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කළා.