විදෙස්

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමක්

ඉන්දුනීසියාවේ රුවන්ග් ගිනි කන්ද සක්‍රිය වීම හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

බලධාරීන් අනතුරු අඟවන්නේ, විධාරණය වෙමින් පවතින ගිනි කන්දේ කොටස් මුහුදට වැටී සුනාමි තත්ත්වයක් ඇති විය හැකි බවට සැක පළ කරන බවයි.

1871 වසරේදී එලෙස විදාරණය වූ ගිනි කන්දේ කොටස් මුහුදට කඩාවැටීමෙන් සුනාමි අනතුරක්ද සිදුවුණා.

මේ හේතුවෙන් ගිනි කන්ද අවට වාසය කළ 11,000ක පමණ පිරිසක් ආරක්ෂිත කලාප වෙත යොමුකිරීමට බලධාරීන්ට සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

නිරන්තරයෙන් සක්‍රියව පවතින රුවන්ග් ගිනි කන්ද පිහිටා ඇත්තේ ඉන්දුනීසියාවේ උතුරුදිග සුලවේසි කලාපයේ දූපතකයි.

එම ගිනිකන්ද මේ වනවිට විදාරණය වී ඇති අතර ඉන් ලාවා සහ අළු විහිඳුවමින් පවතින බව විදෙස් වාර්තාවල සඳහන්.

ඉන්දුනීසියාව ලොව වඩාත්ම සක්‍රිය ගිනි කඳු පවතින ගිනි වළල්ල කලාපයේ පිහිටා තිබෙන අතර මීටර් 725ක උසින් යුතු රුවන්ග් ගිනි කන්ද සැලකෙන්නේ ඉන් වඩාත් සක්‍රියම ගිනි කන්දක් ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button