දේශීය
ස්ථාන දෙකක මළ සිරුරු දෙකක්
මියගිය පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු දෙකක් ප්‍රදේශයේ ස්ථාන දෙකකදී සොයාගත් බව අනුරාධපුර හා හිදෝගම පොලිසිය පවසනවා.
අනුරාධපුර නුවරවැව,වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය අසළ තිබි එක් සිරුරක් හමුවී තිබු අතර අනෙක් මළ සිරුර හිදෝගම,දිවුල්වැව දියේ ගිලි තිබියදි පොලිසිය විසින් සොයා ගෙන තිබුණා.
වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය අසළ තිබු සිරුර ඉහළ මැටියාව,නොච්චියාගම පදිංචි කනත්ත ගමගේ ජගත් කුමාරගේ 47 හැවිරිදි නැමැත්තෙකු බව හඳුනාගෙන තිබූ අතර අනෙක් පුද්ගලයා කවුරුන්ද හඳුනාගෙන නැති බව පොලීසිය සඳහන් කළා.
ඔහුගේ සිරුර ඇද ඇතිරිල්ලක ඔතා ලණුවකින් ගලක් ගැට ගසා වැවට දමා තිබියදි සොයාගත් බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.