දේශීය
ජොන්ස්ටන්ගේ BMW සිද්ධියට තවත් දෙන්නෙක් CIDයට භාරවෙලා
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා භාරයේ තිබූ නීතිවිරෝධි ලෙස උපයාගත් BMW රථය සම්බන්ධව තවත් සැකකරුවන් දෙදෙනකු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ එම සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසුවයි.
මේ අතර, මෙම සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරයා පසුගියදා (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.