දේශීය

ඇල්පිටියේ නාම යෝජනා දෙකක් ප්‍රතික්ෂේප වෙයි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඉදිරිපත්කර තිබූ නාමයෝජනා පත්‍ර දෙකක් ගාල්ල මැතිවරණ තේරිම් භාර නිලධාරිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙලෙස ප්‍රතික්ෂේප වී ඇත්තේ ඩබ්ලිව්.වී.ජගත් පුෂ්පකුමාර මහතා විසින් ඇප තැන්පත් කළ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නාම යෝජනා පත්‍රය සහ කිතුල්ගොඩගේ චාමින්ද ප්‍රසාද් උදය කුමාර මහතා ඇප තැන්පත්කළ ස්වාධීන කණ්ඩායමේ නාම යෝජනා පත්‍රයයි.

මේ අනුව ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත්වීමට සුදුසුකම් ලබා ඇත්තේ පිළිගත් දේශපාලන පක්ෂ කණ්ඩායම් 09 කට සහ එක් ස්වාධීන කණ්ඩායමකට පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button