දේශීය
ඡන්ද පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අත්අඩංගුවට
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් පෝස්ටර් ඇලවු දෙදෙනකු පෝස්ටර් 1200ක් ත්‍රී රෝද රථයක් සමග සමඟ අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලීසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල මාබෝල වැලිකඩ මුල්ල ප්‍රදේශයේ පදිංචි (29 – 31) වයසේ පසුවන දෙදෙනකු බවයි පොලීසිය පවසන්නේ.
හෝමාගම පොලිසියේ නිලධාරී කණ්ඩායමක් (30) දා අලුයම ජංගම මුර සංචාරයේ යෙදී සිටියදී හෝමාගම නගර මධ්‍යයේ ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පෝස්ටර් අලවමින් සිටිනු දැක තිබෙනවා.