විදෙස්

සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තැබූ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුව​ට

ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විකී සහබ් සහ සාගර් ශ්‍රීජෝගේන්ද්‍ර නමැති දෙදෙනෙක්.

ගුජරාට් ප්‍රාන්තයේ භූජ් විහාරයක සැඟව සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එරට මාධ්‍ය වාර්තා කළේ, ඔවුන් කුප්‍රකට බිෂ්නෝයි කල්ලියට සම්බන්ධ බවට සැකපළ කරන බව​යි.

පසුගිය ඉරිදා අලුයම 5ට පමණ යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් විසින් මුම්බායි හි පිහිටි සල්මන් ඛාන්ගේ නිවසට වෙඩි තබා පළාගොස් තිබුණා.

එ​ම වෙඩි ප්‍රහාරයත් සමග සල්මන්ගේ ආරක්ෂාව තර කිරීමට එරට ආරක්ෂක අංශ පියවර ගෙන තිබූ අතර නිවසින් පිටව යන්නේ නම් ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කරන ලෙසටද දැනුම්දී තිබුණා.

එමෙන්​ම විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පවතින ජීවිත තර්ජන හේතුවෙන් සල්මන් ඛාන්හට අත්‍යවශ්‍ය කටයුතුවලට හැර සිය නිවසින් පිටතට නොයන ලෙසද ආරක්ෂක අංශ දැනුම්දී ඇති බවයි.

ඉන්දියාවේ ප්‍රසිද්ධ චරිත කිහිපයක ඝාතන සිද්ධීන්වලට චෝදනා එල්ලවී සිටින කුප්‍රකට බිෂ්නෝයි කල්ලිය විසින් මීට පෙර සල්මන්හට තර්ජනය කර තිබුණා.

එමෙන්​ම මෙම වෙඩිප්‍රහාරයෙන් පසුව බිෂ්නෝයි සොහොයුරෙකු අන්තර්ජාල පණිවුඩයක් නිකුත් කර තිබුණේ මෙය පෙර දැක්මක් පමණක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button