විදෙස්

රිය අනතුරකින් යුක්රේන ජනාධිපතිට තුවාල

ඊයේ (14) කියෙව්හි දී සිදු වූ රිය අනතුරකින් යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි තුවාල ලබා ඇති බවට විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

අදාල රිය අනතුර සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ලේකම්වරයා උපුටා දක්වමින් සී.එන්.එන් පුවත් සේවය වාර්තා කරන්නේ, ජනාධිපතිවරයා ගමන් ගත් මෝටර් රථයේ සහ ඔහුගේ පරිවාරක රථවල වෙනත් මෝටර් රථයක් ගැටී ඇති බවයි.

එම අනතුරින් ජනාධිපතිවරයාට සුළු තුවාල පමණක් සිදුව ඇති අතර ඒවා බරපතල තත්ත්වයේ නො මැති බවයි විදෙස් මාධ්‍යය සඳහන් කරනවා.

යුක්‍රේන හමුදාව විසින් නැවත අත්පත් කරගත් කර්කිව්හි ඊසානදිගින් පිහිටි ඉසියුම් නගරය බලා සංචාරය කරමින් සිටින අතරතුරයි ජනාධිපතිවරයා මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button