දේශීය

යෝජිත විද්‍යුත් විකාශන නියාමන පනත ICCPR සම්මුතියට පටහැනියි-  එක්සත් ජාතීන්ගේ සංවිධානය

ශ්‍රී ලංකාවේ යෝජිත විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත විසින් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය(ICCPR)  සෘජුවම උල්ලංඝනය කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ නව වාර්තාවක් මඟින් අනාවරණය කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝකර් ටර්ක්  මෙම වාර්තාව මඟින් පෙන්වා දී ඇත්තේ යෝජිත විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත මඟින් ප්‍රකාශනයේ නිදහස තවදුරටත් සීමා කිරීමට  හැකියාවක් ඇති අතර එය   සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ 19 වැනි වගන්තියට නොගැලපෙන අයුරින් ක්‍රියාත්මක වන බවයි.

යෝජිත විකාශන නියාමන කොමිෂන් සභාව සඳහා වන කෙටුම්පත  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් සිදු කරන ආකාරයටම සිවිල් අයිතිවාසිකම්වලට සීමා පනවන බවද එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ අතර, වසරකට පෙර  මෙරට හටගත් මහජන විරෝධතාවලදී ශ්‍රී ලංකාව සඳහා වඩා  යහපත් දැක්මක් සහිත පාලන ක්‍රමයක් ජනතාව විසින් ඉල්ලා සිටියද එවැනි ඓතිහාසික පරිවර්තනයක් සඳහා පවතින අභියෝග පිළිබඳව  බලධාරීන් තවමත් වටහා ගෙන නොමැති බවද  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා එම වාර්තාව මඟින් දන්වා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button