එජාපය මැතිවරණ කොමිසමට
ජනාධිපතිවරණය ඉතා ඉක්මනින් පවත්වන්නැයි එක්සත් ජාතික පක්ෂය අද (17) මැතිවරණ කොමිසමට ගොස් ඉල්ලා සිටියා.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා සහ සභාපති වජිර අබේවර්ධන මහත්වරු රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිසමට ගොස් මෙම ඉල්ලීම කළා.
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසූවේ පක්ෂයේ නීතිඥවරුන් සමඟ ගොස් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා ඇතුළු කොමිසමේ සාමාජිකයන් හමුවී තම ඉල්ලීම ඉදිරිපත් කළ බවයි.
ජනාධිපතිවරණය කැඳවීම සඳහා මැතිවරණ කොමිසමට මේ වන විට බලය ලැබී ඇති හෙයින් හැකි මෑතම දිනයේ දී ජනපතිවරණය පවත්වන්නැයි ඉල්ලා සිටි බවත් මැතිවරණය කල් දමා ගැනීම සඳහා ඉදිරිපත් කරන නඩු වලට තම පක්ෂයේ කිසිම සම්බන්ධයක් නැතැයි කොමිසමට දැනුම් දුන් බවත් ඔහු සඳහන් කළා.
.එක්සත් ජාතික පක්ෂය සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා හැකි සෑම සහයක්ම ලබාදෙන්නේ යැයි කොමිසමට දැනුම් දුන් බවද රංගෙ බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසුවා.