දේශීය
ඇප තැබූ පිරිස 14ක් දක්වා ඉහළට
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 14 දෙනෙකු මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.
ඒ අනුව මේ දක්වා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස, පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක, විජයදාස රාජපක්ෂ, කේ.කේ. පියදාස, සිරිතුංග ජයසූරිය, අජන්ත ද සොයිසා, කේ. ආනන්ද කුලරත්න, සරත් මනමේන්ද්‍ර, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි සහ අක්මීමන දයාරතන හිමි යන අය විසින් මෙලෙස ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
2024 ජනාධිපතිවරණය එළැඹෙන සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා.