දේශීය

සජිත්ගේ වේදිකාවකට වසන්ත – රෝහිනී ඇවිලෙයි

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිනී විජේරත්න මහත්මිය දඹුල්ලේ පැවති සමගි ජන බලවේගයේ රැළියේ වේදිකාවට නැගීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා රැස්වීම අවට ඔහුගේ ඡායාරූපයක් සහ සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහිත ඡායාරූප ප්‍රදර්ශනය කරමින් ජනතාව අතර ඔහුගේ නම සහිත හිස් වැසුම් බෙදා දී තිබෙන බවයි වාර්තාවන්නේ.

ඔහුද එම වේදිකාවේ අසුන්ගෙන සිටීම නිසාවෙන් ඊට උරන වූ කවිරත්න මහත්මිය ලක්ෂ්මන් වසන්ත පෙරේරා හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වේදිකාවෙන් බැස පිටව යන තුරු වේදිකාවට ගොඩ නොවන බව පවසා වේදිකාවෙන් පිටත බොහෝ වේලාවක් රැඳී සිට තිබෙනවා.

ඇයගේ පාක්ෂිකයන්ද ඇය සමඟින් එම ස්ථානවල රැඳී සිටිනුු දැකගැනීමට හැකි වුණා.

පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැමිණීමටත් පෙර වසන්ත පෙරේරා මහතා වේදිකාවෙන් බැස පිටව ගොස් තිබෙන අතර ඇය සජිත් ප්‍රේමදාස මහතා සමග වේදිකාවට නැග ඉදිරිපෙළ අසුනේ වාඩිවී තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපස තබාගෙන ඇය දැඩි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සජිත් ප්‍රේමදාස නායකතුමා එතනෝල් කාරයන්ට මත්පැන් අලෙවිකරුවන්ට තැබෑරුම් හිමියන්ට තම වේදිකාවේ ඉඩක් නැති බව ප්‍රකාශ කොට තිබුණු බවයි.

නමුත් එක හරක් පැටියෙක් ළඟට ගෙන කිරි කාලයට ගොම බින්දුවක් නොදමන ලෙස රෝහිනී විජේරත්න මහත්මිය ඉල්ලා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button