දේශීය

ඇමති රාජකාරිවලින් ඉවත් වූ වාසුදේව නිල නිවාස හා වාහනත් භාරදෙයි

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය රාජකාරි වාහන සහ නිල නිවාසය අද දිනයේදී (14) අමාත්‍යාංශ ලේකම්වරයාට භාරදී ඇති බව වාර්තා වනවා.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් වූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ජනාධිපතිවරයා විසින් අමාත්‍යධුර වලින් ඉවත් කිරීමට විරෝධය පල කරමින් තමන් අමාත්‍ය ධූරයේ රාජකාරිවලින් ඉවත්වෙන බව අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා මීට පෙර සඳහන් කළා.

ඒ අනුව අද දිනයේ රාජකාරි වාහන සහ නිල නිවාසය භාර දීමෙන් පසු ඒ මහතා සඳහන් කළේ ඉදිරියට තමාගේ පවුලේ සහෝදරයෙකුගෙන් ලබාගන්නා පෞද්ගලික රථයක් භාවිත කිරීමට අපෙක්ෂා කරන බවයි.

තම අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම් වර්ජනය කිරීමත් අමාත්‍යාංශයේ රාජකාරිවලින් ඉවත් වීමත් හේතුවෙන් තවදුරටත් වාහන සහ අනෙකුත් පහසුකම් ලබා ගැනීම සදාචාර නොවන බැවින් මෙම තීරණයට එළඹි බව ද වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button