දේශීය
ජ්‍යෙෂ්ඨ රංගනවේදිනී උදුලා දාබරේ අභාවප්‍රාප්ත වෙයි
මෙරට සිටි ජ්‍යෙෂ්ඨ සිනමා නිළියකවූ උදුලා දාබරේ මෙනවිය අද ( 26) අභාවප්‍රාප්තවී තිබෙනවා.
මිය යන විට ඇය 87 වැනි වියෙහි පසුවුණා.
“කැළෑ හඳ” චිත්‍රපටයේ සුළු චරිතයකින් සිංහල සිනමාවට පිවිසි උදුලා දාබරේ මෙනවිය කුඩා කල කරුණාරත්න අබේසේකරයන්ගේ “ළමා පිටියේ” විවිධ වැඩසටහන්වලට සහභාගී වුණා.
දිවිය පුරාම අවිවාහකව සිටි ඇය අවසන්වරට රඟපෑවේ 2004 වසරේ තිරගතවූ “රන් දිය දහර” චිත්‍රපටයේ ගීතා කුමාරසිංහගේ මව ලෙසින්.
ඇගේ දේහය මේ වන විට පොල්ගස්ඕවිට, කිරිගම්පමුණුව, ගෝල්ඩන් මෙඩෝව්ස් නිවාස සංකීර්ණයේ අංක 32 / 97 දරණ ස්ථානයේ අද රාත්‍රී 12.00 සිට හෙට (27) සවස 4.00 දක්වා තැන්පත් කර තිබෙන අතර සවස 5.00ට මත්තේගොඩ පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.