දේශීය

ග්‍රාම නිලධාරීන්ට උත්සවවලට මුදල් එකතු කිරීම තහනම්

තම වසම තුළ සිටින ව්‍යාපාරිකයන් ඇතුළු කිසි ම කෙනෙකුගෙන් උත්සව ආදියට මුදල් එකතු කිරීම තහනම් කිරීමට පියවර ගන්නා බව විෂය භාර ඇමති, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකවරුන් විවිධ උත්සව පැවැත්වීම සඳහා ග්‍රාම නිලධාරීන් ලවා ග්‍රාම නිලධාරි වසම් තුළ ඇති ව්‍යාපාරික ස්ථානවලින් මුදල් එක්රැස් කරවන බවට පැමිණිලි ලැබීම නිසා එසේ මුදල් එක්රැස් කිරීම තහනම් කිරීමට තීරණය කළ බව අගමැතිවරයා ප්‍රකා්ශ කළා

එවැනි මුදල් එක්රැස් කිරීම් සඳහා ග්‍රාම නිලධාරීන් යෙදවීමෙන් ඔවුන්ට සිය රාජකාරි කටයුතු නිසියාකාරව කරගෙන යාමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව ද හෙතෙම පෙන්වා දුන්න අතරම එවැනි මුදල් එකතු කිරීම් වැඩි වශයෙන් සිදු වන්නේ නාගරික ප්‍රදේශවල බවට ලැබී ඇති පැමිණිලි අනුව තහවුරු වන බව සඳහන් කළා..

මේ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබා දෙන බව ද අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button