දේශීය

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඉදිරියටත් එක්ව කටයුතු කරනවා

පවතින ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සඳහා තමන් ඉදිරියේදිත් ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල සමග එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජාතිය අමතා ජනාධිපතිවරයා සිදුකරන විශේෂ ප්‍රකාශයේදි සඳහන් කළේ ඊයේ (14) දින ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ සිදුකළ සාකච්ඡා වලදී තමන් හදුනාගත් ශ්‍රී ලංකාව ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල කරා යාමෙන් ලබාගත හැකි වාසි සහ අවාසි පිළිබඳ අධ්‍යනය කර මෙම තීරණයට එළඹි බවයි.

එමෙන්ම ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල සමඟ සම්බන්ධවීමෙන් රජය අපෙක්ෂා කරන්නේ වසරකට ගෙවිය යුතු ණය වාරික සහ ස්වෛරී බැදුම්කර සම්බන්ධයෙන් ගෙවීමේ මාර්ගයක් සකසා ගැනීම බව ජනාධිපතිවරයා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශයේ සඳහන්.

රටේ ඉදිරි වසරේදී වෙළඳ ශේෂය පියවා ගැනීමට සහ විදෙස් සංචිත වැඩිකර ගැනීමට ජාත්‍යාන්තර මුල්‍ය ආයතන සහ මිත්‍ර රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රජය අපෙක්ෂා කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

එමෙන්ම ණය වාරික ගෙවීම සම්බන්ධයෙන්ද ජාත්‍යාන්තර මුල්‍ය ආයතන සහ මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතිබව ජනාධිපතිවරයා කළ විශේෂ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button