දේශීය

ඉන්ධන සහ ගෑස් වලට වෙන දේ අගමැති කියයි

ඉන්දියානු ණය ආධාර ගිවිසුම අත්සන් කළ පසු මාස හතරකට ප්‍රමාණවත් ඉන්ධන ලංකාවට ලැබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍යට ප්‍රකාශයක් කරමින් ඊයේ (14 ) පවසා තිබේ.

ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් සහිත නැවට ඊයේ ගෙවීම කර ඇති අතර එහි ගෑස් නිකුත් කිරීමේදී රෝහල්, හෝටල් සහ ආදාහනාගාර වැනි ආයතනවලට ප්‍රමුඛත්වය ලබා දෙන බවත් ඊට පසු එන නැව් වලින් මාස හතරකට ගෑස්, ඉන්ධන අඛණ්ඩව ලබා දෙන්නට තීරණය කළ බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

නමුත් අඛණ්ඩව ගෑස් සහ ඉන්ධන සැපයීම් කළ හැක්කේ දැනට තිබෙන ඉල්ලිම් වලින් සියයට පනහක් ලබා දෙනවා නම් පමණක් බව කී අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඉදිරි සැපයීම් කරන බවද සඳහන් කර තිබේ.

ඩොලර් හිඟය පියවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම සමග සාකච්ඡා කර ගෙන යන අතර ඒ් වැඩ කටයුතු ජුනි මාසය ඇතුළත සම්පූර්ණ කර ගැනීමට හැකි වෙතියි බලාපොරොත්තු වෙන බව ද අගමැතිවරයා සඳහන් කර ඇත.

තමා කලින් සඳහන් කළ පරිදි දැන් දුෂ්කර ම කාලය ගෙවමින් සිටින අතර ඒ ප්‍රශ්නවලට මුහුණ දී දරා ගැනීම ගැන සියලු දෙනාට ස්තුති කරන බවත් ප්‍රශ්න ශීඝ්‍රයෙන් විසඳන්න බැරි වීම ගැන කණගාටුව ප්‍රකාශ කරන බවත් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button