මං ජනාධිපති වුනාම වැටුප වැඩි කරනවා – සජිත්
රජයේ සේවකයන්ගේ වැටුප් ඉහළ දමන බවට ජනාධිපතිවරයා විසින් පවසමින් සිටින්නේ බොරු පොරොන්දු බව සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ මහතා පවසන්නේ, තමන් ජනාධිපති වූ පසු රජයේ සේවකයන්ගේ වැටුප් ජීවන වියදමට සරිලන ලෙස සංශෝධනයට කොමිසමක් පත් කරන බවයි.
සමගි ජන බලවේගය විසින් සංවිධානය කරන ලද ජනාධිපතිවරණය ජනරැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළා.
2025 ජනවාරි මාසයේ සිට රජයේ සේවකයන්ගේ මූලික වැටුප 24%කින් ඉහළ දමන බවත් සියලුම රාජ්‍ය සේවකයන්ගේ අවම වැටුප රුපියල් 57,500 දක්වා තම පාලනයක් යටතේ ඉහත දමන බවත් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා :
“මෙතෙක් කල් මේ ආණ්ඩුව රාජ්‍ය නිලධාරීන්ව රාජ්‍ය සේවකයින්ව සැලකුවේ රටට බරක් හැටියට. රටට පාඩුවක් හැටියට. හැබැයි හිටි හැටියෙම වත්මන් රජයට රාජ්‍ය සේවකයාව වැදගත් වෙලා තියෙනවා. මොකක්ද හේතුව, අවස්ථාවාදීත්වය. තමන්ගේ තැන රැකගන්නට සීනී බෝල දේශපාලනය දියත් කරලා රාජ්‍ය සේවයේ නිලධාරීන් රැවැට්ටීමේ සීනී බෝල දේශපාලනය අද මේ වර්තමාන රජය ක්‍රියාත්මක කරනවා.
මං ඔබට පොරොන්දු වෙනවා මේ රටේ රාජ්‍ය සේවකයින්ගේ රටේ ජීවන වැටුප් ජීවන වියදමට සරිලන ආකාරයට සංශෝධනය කිරීම සඳහා අපි අනිවාර්යයෙන්ම විශේෂ කොමිසමක් පත් කරලා එම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරනවා. ඒ වගේම රාජ්‍ය සේවකයින්ට 2025 ජනවාරි මාසයේ සිට මේ රටේ සමස්ත රාජ්‍ය සේවයේ මූලික වැටුප 24 %කින් ඉහළ දානවා. රාජ්‍ය සේවකයින්ට ලබා දෙන වර්තමානයේ බොහොම අවම දීමනාවක් ලබා දෙන්නේ රුපියල් 17,800ක,,ඒ 17800ක ජීවන වියදම් දීමනාව 25,000කින් වැඩි කරන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා”