දේශීය

නොමිලේ යූරියා ලැබෙන්නේ කාටද?

අඩු ආදායම් ලබන ශ්‍රී ලාංකික ගොවි පවුලකටම යූරියා පොහොර මල්ලක් බැගින් නොමිලේ ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබෙනවා.

අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට 2022 සහ 2023 මහ කන්නයේදී වී වගාව සඳහා පවුලකට පොහොර මල්ලක් බැගින් යූරියා පොහොර මලු 3,65,000ක් නොමිලයේ ලබා දීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිතයින් සමඟ කළ සාකච්ඡාවලදී එකඟතාවය පළ කළ බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙරට ගොවි ජනතාවගේ ආර්ථික තත්ත්වය නංවාලීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විශේෂ ව්‍යාපෘති ගණනාවක් ලබන මාස් කන්නයේ ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පළ කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button