දේශීය

කාන්තාවක් සැකකටයුතු ලෙස මරුට –

අද (16) අලුයම් කාලයේදී හලාවත-කුරුණෑගල මාර්ගයේ මුගුණුවටවන ප්‍රදේශයේ මාර්ගයේ වැටී සිටි කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

පොලීසිය පවසන්නේ අදාළ කාන්තාව ප්‍රදේශවාසීන් විසින් රෝහලට ඇතුළත් කර තිබු බවයි.

එම කාන්තාව 49 හැවිරිදි මුගුණුවටවන පදිංචිකාරිනියක්.

මෙම මරණය සම්බන්ධයෙන් එම කාන්තාව සමීපව ඇසුරු කළ පුද්ගලයෙක් ව සහ එම අවස්ථාවේ මාර්ගයේ මෝටර් රථයකින් ගමන්කළ පුද්ගලයෙක් ව සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හලාවත පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button