දේශීය

බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ වහලක් මත කාන්තාවක් විරෝධතාවයක

බෝපෙ පෝද්දල සභාවේ ප්‍රාදේශීය සභාවේ වහලයක් මත නැගී කාන්තාවක් විරෝධතාවයක නිරතව සිටිනවා.

මිදෙනිය – උළුවිටිකේ ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව පවසන්නේ තමන්ගේ ගැටළුවක් සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාව වෙතින් මෙතෙක් තමන්ට නිසි සාධාරණයක් ඉටු නොවූ බවයි.

යූ.ජී. සෝමාවතී නම් මෙම කාන්තාව පවසන්නේ ඇයගේ නිවස ආසන්නයේ ඇති ඉඩමක් ගොඩකිරීම හේතුවෙන් වැසි දිනවලදී තම නිවස නිරන්තරයෙන් ජලයෙන් යටවෙන බවයි.

‍මේ සම්බන්ධයෙන් 2020 වර්ෂයේ අගෝස්තු මාසයේ සිට බෝපේ පෝද්දල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා වෙත පැමිණිලි කළත් තවමත් තමන්ට නිසි සාධාරණයක් ඉටු නොවන බැවින් මෙලෙස වහලය මත නැගී විරෝධතාවයේ නිරත වන බව ඇය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button