දේශීය
අසිරිමත් නත්තල අදයි
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල අද (25)යි.
කෝටි සංඛ්‍යාත කිතුනු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සමරනු ලබන නත්තල වෙනුවෙන් මෙරට කිතුනු දෙව්මැඳුරුවල නත්තල් දේව මෙහෙයන් රැසක් පැවැත්වෙනවා.
ඒ අනුව, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රි 11.45 ට කටාන, හල්පෙ ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් මුනිඳුන්ගේ දේවස්ථානයේ දි පැවැත්වුණා.
එමෙන්ම මෙවර නත්තල දිළිඳු පවුල් සමග බෙදාගන්නා ලෙසයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කිතුනු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියා.
මේ අතර සාමයේ කුමරාණන්ගේ උපත සිදු වූ බෙත්ලෙහෙමේ මෙවර නත්තල් සැමරුම් නොපැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ ගාසා තීරයේ යළි උත්සන්න වී ඇති යුද ගැටුම්වලට විරෝධය දැක්වීමක් ලෙසයි.