විශේෂාංග
ගුවන් සංදර්ශනයකින් සැරසෙන ලෝක කුසලාන අවසන් මහා තරඟය

එක්දින ලෝක කුසලාන අවසන් මහා තරඟයට ඉන්දීය ගුවන් හමුදාවේ සූර්ය කිරන් කණ්ඩායම වීසින් ගුවන් සංදර්ශනයක් පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, අවසන් මහා තරඟය පැවැත්වෙන අහමදාබාද් නුවර නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඉහළ අහසේ මෙම ගුවන් සංදර්ශන පැවැත්වෙන බවයි.
මෙම ගුවන් සංදර්ශනයේ පෙරහුරු අද (17) සහ හෙට (18) යන දිනවලදී පැවැත්වීමට ඉන්දීය ගුවන් හමුදාව තීරණය කර තිබෙන බවයි වාර්‍රතාවන්නේ.
ඒ අනුව සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර අවසන් මහා තරගය ලබන 19 වැනිදා ඉරිදා පස්වරු 2.00ට ආරම්භවීමට නියමිතයි.