විදෙස්

ඔවු, අපිත් ෆේල් – එක්සත් ජාතීන්ගේ සංවිධානය

යුක්රේන යුද්ධය වැළැක්වීමට හෝ නැවැත්වීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අසමත් වූ බව ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා පිළිගෙන තිබෙනවා.

යුක්රේනයේ කීව් අගනුවර සංචාරයක නිරත වීමෙන් අනතුරුව ජනාධිපති වොල්ඩමියර් සෙලෙන්ස්කි හමුවූ අවස්ථාවේදී මහලේකම්වරයා සඳහන් කළේ, යුක්රේන යුද්ධය එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේක්ෂා භංගත්වයට පත් කර ඇති බවයි.

යුක්රේන යුද්ධය 21 වන සියවසේ මිනිසත් බවේ අඥාන භාවය පිළිබිඹු කරන බවද මහ ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.

ඔහු සංචාරයේ නිරතවෙමින් සිටියදි පවා යුක්රේනයේ කීව් අගනුවර ආසන්නයට රුසියානු මිසයිල පතිත වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button