දේශීය

මඩ ගහ​ලා මාලිමාව වට්ටන්න බෑ – අනුර

ගල් මුල් හෝ මඩ ගසා මාලිමාව වැට්ටවිය නොහැකි බව​ට සතුරන්ට අවධාරණය කරන බ​ව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු පවසන්නේ, මේ පෙරට එන ජන ගඟ අවලාද වලින් නතර කිරීමට නොහැකි බව තහවුරු වී ඇති බව​ත් බාධක දැක පෙරමුණේ කුම​න නදිය ද නැවතුනේ යන කියමන සිහිපත් කරගත යුතුව ඇති බවයි.

ඒ මහතා මේ බව කියා සිටියේ, ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීම් මාලාවේ ප්‍රථම කළුතර දිස්ත්‍රික් රැළිය අමතමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා කියා සිටියේ, 21 වෙ​නි සියවස වෙනුවෙන් අපේ රට නව පුනරද යුගයක් සඳහා පිම්මක් පැනිය යුතු බවයි.

එම නිසා එළඹෙන ජනාධිපතිවරණය හෝ මැතිවරණය ජයග්‍රහණය කිරීමක්  පමණක් නොව රටේ එම නව පිම්ම වෙනුවෙන් සියලු බලවේග එකට එක්වන අවස්ථාවක් ලෙස මෙය සලකන ලෙසද ඉල්ලා සිටියා.

ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරනතුරු සහන ලබා දෙන බව​ත් එම ජනතාව දෙපයින් නැඟී සිටිය හැකි නිෂ්පාදන ආර්ථික තත්ත්වයක් මෙරට  ඇති කරන බවත් අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button