විදෙස්
ෆේස්බුක් නිසා සිදුවුන හානියට සකර්බර්ග් සමාව ඉල්ලයි
ෆේස්බුක් නිර්මාතෘවරයා මෙන්ම, ‘මෙටා’ සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රධානියාද වන මර්ක් සකර්බර්ග් ඇමෙරිකන් වැසියන්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ දරු දැරියන් ලිංගික අපයෝජනයට ලක්වීමේ අවදානම ඉහළ යෑම හේතුවෙන් ඔහු මෙලෙස සමාව ගත් බවයි.
මාර්ක් සකර්බර්ග් සමාව ඉල්ලා සිටියේ, සමාජ මාධ්‍යවලින් ඇමෙරිකන් ජනතාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන්, ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයේ විශේෂ විමර්ශන කමිටුවක් හමුවේ පෙනී සිටි අවස්ථාවේදී බවද වාර්තා වුණා.
මෙම කමිටුව හමුවට, මාර්ක් සකර්බර්ග් සහ තවත් සමාජ මාධ්‍ය සමාගම් ප්‍රධානීන් කීහිප දෙනෙකුද සහභාගීවූ බවත්, ඔවුන්ද කරුණු පැහැදිලි කළ බවට ඇමෙරිකාවේ විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළා.